මෙම ලිපිය බොහෝ වැදගත් ලිපියක් වනුයේ ආර්‍යඋපවාද කර්මය සමිබන්ධයෙනි. ආර්‍යයන් යනු පෘතක්ජනභාවය ඉක්මවා නැගිසිටි උත්මන්ය. වෙනත් විදියකින් කියතහොත් සොවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් මාර්ගස්ථ හා ඵලස්ථ උතුමන්ය. මිට අමතරව ධ්‍යාන ආදි විශිෂ්ඨ මනුෂ්‍ය ධර්මයන් ඇතිකර ගන්නා ද උත්තමයොද බොහොය. සමාජයක් වශයෙන් ගත් කල මෙම සමාජය තුලම මොවුන්ද සමිමිශ්‍රිතව ඇත. ඔවුන්, ඔවුන් සතු ආර්‍ය භාවය හෝ තමා සතු විශිෂ්ඨ මනුශ්‍ය ධර්මයන් අන්‍යන්ට හෙලි කරන්නට යන්නේ නැත. බැලු බැල්මට ආර්‍යන් හා අනාර්‍යන් අතර පැහැදිලි වෙනසක් දක්නට ඇත්තේද නැත. එබැවින් මොහු ආර්‍යයෙකි මොහු අනාර්‍යයෙකි යන්න බෙදා වෙන් කර ගැනිම සාමාණ්‍ය පුදගලයෙකුට කල නොහැකි කටයුත්තක්. එසේ වුවද ප්‍රියශිලි උතුමන් වෙත කරනු ලබන්නාවු දොශාරෝපනයන් සොයානොබලා කරන්නාවු විවෙචනයන් අපි කොතෙකුත් නමි අසා ඇත්ද? ඔවුන් අතර ආර්‍ය උතුමන්ද සිටිනවා විය හැක. නොසිටිනවාද විය හැක. කෙසේ වුවත් වචනය යන්න බොහෝ සංවර කර ගත යුත්තක්ය යන්න පහත සුත්‍ර දේශනය පරිශිලනය
කිරිම මගින් ඔබට පැහැදිලි වනවා ඇත.
අතිත භවයන්හි අප විසින් කරනා ලද කර්මයන් විපාකවශයෙන් පැමිණිම ලෙස මෙම භවයේ උපත ලද ඔබටත් මටත්, හමුවන්නාවු සෑම සියළු ප්‍රිය ශිලි මෙන්ම අප්‍රිය ජනකවුත් අරමුණු ආදිය, එසේ හමුවනුයේද කර්මයේම ප්‍රථිපලයක් වශයෙනි. ඉදින් ඒ අතිත කර්මයන් විපාකවස්ථාවට පැමිණිමි වශයෙන් ලත් වර්ථමාන අරමුණු ඔස්සේ අකුසල කර්මයන් රැස් කර විපාකවශයෙන් දුගතිගාමි නොවිම සඳහා කය, වචනය හා සිත සංවර කර ගැනිමයි නියම බෞද්ධ කම.
ඉධ තප්පති පෙචිච තප්පති
පාපකාරී උභයත්ථ තප්පති,
පාපං මේ කතන්ති තප්පති
භිය්‍යො තප්පති දුග්ගතිං ගතෝ.
පවිකමි කරන තැනැත්තා මෙලෝ පරලොවි දෙකහිමත් තැවෙයි. තමා විසින් කළ පාපා කර්මයන් බලා දොලොව තැවෙන ඔහු දුගතිගාමිව බොහෝසෙයින් තැවෙයි
(ධමිමපදය දෙවිදත්තෙර අපාගාමිවිම අරඹයා)
කලෙක භාග්‍යවත් සමිමා සමිබුදු රජානන්වහන්සේ සැවැත් නුවර වැඩ වෙසෙන සේක. එකල්හි කොකාලික භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ පසෙක සිට "ස්වාමිනි සැරියුත් මුගලන් දෙනම පාපඉඡ්චා ඇති පාපඉඡ්චාවන්ට වසඟ වුවහුය. යැයි කියන ලදි (පාප සිතුවිලි වලින් යුතුව පාපසිතුවිලි වල ඇලී වාසය කරන්නේය යන්න)
අකුශල කර්ම ශක්තිය
අනතුරැව කොකාලික භික්ෂුව මෙසේ සැරියුත් මුගලන් දෙනමට උපවාද කොට, අසුනෙන් නැගිට භාග්‍යවතුන්වහන්සේට වැද පැදකුණුකොට ගියේය. එසේ ගොස් ස්වල්ප මොහොතකින් පසු කොකාලික භික්ෂුවගේ ශරීරය පුරා අඹ ඇට තරමේ බිබිලි හටගෙන මුලුමනින්ම පැතිර ගියේය. අඹ ඇට තරමි බිබිලි මුංඇට තරමි විය. මුං ඇට තරමි බිබිලි කඩල ඇට තරමි විය. කඩල ඇට තරමි බිබිලි ඩෙබර ඇට තරමි විය. ඩෙබර ඇට තරමි බිබිලි ඩෙබර ඵල තරමි විය. ඩෙබර ගෙඩි තරමි බිබිලි ඇඹුලගෙඩි තරමි විය. ඇඹුල ගෙඩි තරමි බිබිලි බෙලි ගැට තරමි විය. බෙලි ගැට තරමි බිබිලි බෙලි ගෙඩි තරමි විය. ඒවා බෙලි ගෙඩි තරමි වී පුපුරා යන ලදි. එයින් ලේ සැරව වැගිරෙන්නට විය. පසුව කෝකාලික භික්ෂුව එම රෝගයෙන්ම මිය යන ලදි. මියයන ලද කොකාලික භික්ෂු නම සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත වෛරකොට පදුම නිරයට පැමිණෙන ලදි.
ඉක්බිති සහමිපති බ්‍රහ්ම තෙමේ මනහරවු පැහැයෙන් මුළු දෙවිරමි වෙහෙරම බබුළුවා මධ්‍යම රාත්‍රී වේලේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පෙනි සිටින ලදි. පෙනී සිට වැද එකත්පස්ව සිට. ස්වාමිනි කෝකාලික භික්ෂු නම කළුලිය කලේය. කළුරිය කල කොකාලික භික්ෂුව පදුම නිරයේ උපතලැබීය යැයි පවසන ලදි. මෙසේ සැලකොට භාග්‍යවතුන්වහන්සෙට වන්දනාකොට එහි අතුරැදහන් විය.

භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් අමතයි
භාග්‍යවතුන්වහන්සේ එම රැය ගතවීමෙන් පසු භික්ෂුන් අමතා, මහණෙනි මේ රාත්‍රියේ සහමිපති බ්‍රහ්මතෙමේ මාවෙත පැමිණ කොකාලික භික්ෂු නම කළුරිය කොට පදුම නිරයට පැමිණියේය යන බව පවසා වැද පැදකුණු කොට අතුරැදහන් වු බව වදාලහ.
පදුම නිරයේ ආයුෂය
මෙසේ වදාළ පසු එක් භික්ෂු නමක් පදුම නිරයේ ආයුශය කෙබදුදැයි භාග්‍යවතුන් වහන්සේ විමසා සිටින ලදි. භික්ෂුව පදුම නිරයේ ආයුශ ඉතා දිගුයි. එය මෙපමණයි කියා හෝ එය අවුරැදු මෙපමන සියයි කියා හෝ එය අවුරැදු මෙපමන දහසයි කියා හෝ එය මෙපමණ අවුරැදු ලක්ෂයයි කියා හෝ ගණන් කිමට අපහසුයි යැයි භාග්‍යවතුන් වහසේ වදාළ සේක.
එකල් හි ඒ භික්ෂුව ස්වාමිනි උපමාවක් වදාල හැකි දැයි විමසා සිටින ලදි. භික්ෂුව හැකිය. කොසොල් රට ව්‍යවහාරික විසිකිරියකින් යුත් තලගැලක් යමි තරමි වේ නමි, මිනිසෙක් එයින් අවුරැදු සියයකට වරක් හෝ 1000 කට වරක් එක් තල ඇටය බැගින් ඉවත් කරයි. මේ ආකාරයට ඉවත් කලද භික්ෂුව ඒ තල ගැල ඉක්මනින් ඉවර වෙයි. එනමුත් එකම අබිබුද නිරයක ආයුෂය ඉවර නොවෙයි. අබිබුධ නිරය විස්සක ආයුෂය මෙන් එක් නිරබිබුධ නිරයක ආයුෂය වෙයි. නිරබිබුධ නිරය විස්සක ආයු මෙන් එක් අබිබ නිරයක් වෙයි. අබිබ නිරය විස්සක් මෙන් එක් අහහ නිරයක් වෙයි. අහහ නිරය විස්සක් මෙන් එක් කුමුද නිරයක් වෙයි. කුමුද නිරය විස්සක් මෙන්, සොඝන්ධික නරයක් වෙයි. සොඝන්ධික නිරය විස්සක් මෙන් එක් උත්පල නිරයක් වෙයි. උත්පල නිරය විස්සක මෙන් එක් පුන්ඩරික නිරයක් වෙයි. පුණ්ඩරික නිරය විස්සක් මෙන් පදුම නිරයක් වෙයි. මහණෙනි කොකාලික සැරියුත් මුගලන් දෙනම වෙත ද්වේශකොට පදුම නිරයට පැමිණියේ යැයි වදාළා, නැවතත් භාග්‍යවතුන්වහන්සේ මෙසේද වදාල සේක.
උපන් මිනිසගේ කටෙහි කෙටේරියක් හට ගනියි. එයින් දුර්භාෂිත කියන මෝඩයා තමා සිද දමයි.
යමෙක් නිගා කල යුත්තාට ප්‍රශංසා කරයි නමි, යමෙක් පැසසිය යුත්තාට නිගා කරයි නමි, ඔහු කටින පවි රැස් කරයි ඒ පාපයෙන් ඔහු සැපයක් නොවිදියි.
සූදුවෙහි ධන පරාජයක් වෙයි නමි එය බොහෝ අල්ප මාත්‍ර දෙයකි. යමෙක් සුමග යන්නවුන් කෙරෙහි සිත දුෂ්‍ය කර ගනියි නමි මෙය සියල්ලටම වඩා ඔහු ලත් පරාජය වෙයි.
පවිටු වචනත් මනසත් යොදා ආර්‍යන්ට ගර්හා කරන්නා නිරයට පැමිනෙයි. නිරබිබුධ ලක්ෂ තිස්හතකුත් අබිබුධ පසකුත් ආයු වෙයි.
බොරැ කියන්නාත්, කොට නොකෙලෙමියි කියන්නාත් නිරයට යෙති. දෙදෙනාම පරළොව සමවෙති. නිහීන ක්‍රියා (නින්දිත/පහත්) ක්‍රියා ඇති මිනිසුන් පරළොව සමවෙති.
යමෙක් අදුෂ්ඨ වු ශුද්ධ අන්ගන සහිත පුරැෂයෙකුට ද්‍රොහ වෙයි නමි, ඒ අකුසලය උඩුසුලගට දැමු දුවිල්ලක් මේන් ඒ මොඩයා කරාම එයි.
ලෝභයෙහි යෙදුන යමෙක් වෙයි නමි, සැදැහැ නැති තද මසුරැ කථා කල යුත්ත නොදත් මුසුරැ, කේලමට ලැදි ඔහු අනුන්ට අවමන් කරයි.
කටහැකරවු, බොරැකාර, අනාර්‍යවුතැනැත්ත, දියුණුව නසනා පුරැෂය, පවුකාරය, නරකදේ කරන තැනැත්ත, පහත් පුරැෂය, නිසරැ පුරැෂය, අවජාතය, මෙළොව බොහෝ කතා නොකරන්න, නිරයට නොයන්න.
පවිකාරයා ශාන්ත පුරැෂයන්ට ගර්හා කරයි. තමා වෙත ක්ලේෂ දුවිලි වගුරැවයි. ඕ බොහෝ දුසිරිත් කොට දිගු කල් අපායගාමී වෙයි.
කිසිවෙකුගේ කර්මය විපාක දිමෙන් තොරව නොනසී. මේසේ ඒ කර්ම විපාකය එහි ස්වාමියාම ලබයි. පවිකරන මොඩයා පරළොව තමා කෙරෙහිම දුක දනියි.
ඔහු යහුල් තබන ලද, තියුණු මුවහත්වු යහුල් ඇති නිරයට යයි. එසේම එහි රත්වු යගුලි සමවු ආහාරද ලබයි.
එසේම වුහු ගිනිසේ දිලෙන ලෝකුඹු නිරයට වදිති.ගිනි හා සමාන එහි ඉපිලි ඉපිලි බෝකල් පැසෙති.
එසේම පවිකාරයා, ලේ සැරවින් පිරැන නිරයට වදිති. එහි කෙසේ පැසේත්ද යත්, යමි යමි පැත්තකට යයි නමි, එහි ලෙ සැරව පහසින්ම පිඩාවට පත් වෙයි.
පනුවන්ට වාසභුමි වු ලෝදිය සහිත නරකයේ පවිකාරයා කෙසේ පැසෙත්ද යත්, එහි යන්නට තොටුපලක්හෝ නැත. හැමතින්ම හාත්පසින්ම යකබලමය.
මෙසේ පැසෙන්නාවු පවිකාරයා හොදටම තුවාල වු ගතින්, තියුණු අසිපත් වනය නමි නිරයට පිවිසෙත්. එහි වුවෝ දිව බිලියෙන් දවටා ඔබ මොබ ඇද ඇද පෙලති.
එසේම තියුණු ක්ෂුරධාරා ඇති වේතරණි නමි දුගතියට පැමිනෙති. පවිකාර මුග්ධයෝ පවිකමි කොට එහි පැමිණෙති.
එහි ශ්‍යාමවර්ණවුත් කබරවන්වුත් වනකඩුඩෝත් බුලු කැනහිලන් ආදිනුත්, ගිජුලිහිණියොත්. උකුස්සොත් නේරයිකයෝ හඩව හඩවා මස්ඉරා කති. තුඩිනුත් ඉරා දමති.
පවිකාර ජනයා මෙහි යමි ජීවිතයක් ගෙවත් නමි එය සැබවින්ම දුකකි. එබැවින් මිනිසා පමානොවිය යුතුය.
පදුම නිරයේ යමෙක් උන්නාහු නමි ඔවුන්ගේ ආයු ප්‍රමාණය, ප්‍රාඥයන් තලගැලින් ගනින ලදි. නහුත කොටි පසක් සහ තවත් දොලොස් කොටි සියයකි.
මෙහි කියන ලද නිරයන් යමිතාක් දුක් සහිතද, එහි එසේම බොහෝ කලක් වාසය කල යුතුය. එබැවින් පවිත්‍ර ප්‍රිය ශිලි යහපත් ගුණ ඇත්තවුන් කෙරෙහි හැමදා වචනයත් මනසත් සුරැකිය යුතුය. සැමට පහසුම ප්‍රථිපදාවෙන් නිවනම වේවා!!
කිරිම මගින් ඔබට පැහැදිලි වනවා ඇත.
අතිත භවයන්හි අප විසින් කරනා ලද කර්මයන් විපාකවශයෙන් පැමිණිම ලෙස මෙම භවයේ උපත ලද ඔබටත් මටත්, හමුවන්නාවු සෑම සියළු ප්‍රිය ශිලි මෙන්ම අප්‍රිය ජනකවුත් අරමුණු ආදිය, එසේ හමුවනුයේද කර්මයේම ප්‍රථිපලයක් වශයෙනි. ඉදින් ඒ අතිත කර්මයන් විපාකවස්ථාවට පැමිණිමි වශයෙන් ලත් වර්ථමාන අරමුණු ඔස්සේ අකුසල කර්මයන් රැස් කර විපාකවශයෙන් දුගතිගාමි නොවිම සඳහා කය, වචනය හා සිත සංවර කර ගැනිමයි නියම බෞද්ධ කම.
ඉධ තප්පති පෙචිච තප්පති
පාපකාරී උභයත්ථ තප්පති,
පාපං මේ කතන්ති තප්පති
භිය්‍යො තප්පති දුග්ගතිං ගතෝ.
පවිකමි කරන තැනැත්තා මෙලෝ පරලොවි දෙකහිමත් තැවෙයි. තමා විසින් කළ පාපා කර්මයන් බලා දොලොව තැවෙන ඔහු දුගතිගාමිව බොහෝසෙයින් තැවෙයි
(ධමිමපදය දෙවිදත්තෙර අපාගාමිවිම අරඹයා)
කලෙක භාග්‍යවත් සමිමා සමිබුදු රජානන්වහන්සේ සැවැත් නුවර වැඩ වෙසෙන සේක. එකල්හි කොකාලික භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ පසෙක සිට "ස්වාමිනි සැරියුත් මුගලන් දෙනම පාපඉඡ්චා ඇති පාපඉඡ්චාවන්ට වසඟ වුවහුය. යැයි කියන ලදි (පාප සිතුවිලි වලින් යුතුව පාපසිතුවිලි වල ඇලී වාසය කරන්නේය යන්න)
සැරියුත් මුගලන් දෙනමට දෝශාරෝපණයක්
මෙසේ කී විට භාග්‍යවතුන් වහන්සේ කෝකාලික එසේ කියන්නට එපා. කෝකාලික එසේ කියන්නට එපා. සැරියුත් මුඟලන් දෙනම කෙරෙහි සිත පහදවා ගන්න. සැරියුත් මුගලන් දෙනම ප්‍රිය ශිලි වෙති. යැයි වදාලහ. දෙවෙනුවද කොකාලික භික්ෂුව සැරියුත් මුගලන් දෙනම පාපඉඡ්චාවන්ට වසග වුයේය යැයි පවසන ලදින් භාග්‍යවතුන් වහන්සේ, එසේ නොව එතුමන්ලා දෙනම ප්‍රියශිලි වෙතිය යැයි වදාල සේක. මෙසේ කියත්ම තෙවනුවද කොකාලික භික්ෂුව සැරියුත් මුගලන් දෙනම පාපඉඡ්චාවන්ට වසග වු බව තෙවනුවද කියා සිටින ලදින් භාග්‍යවතුන් වහන්සේ තෙවනුවද එය ප්‍රතික්ශේප කරන ලදි.
අකුශල කර්ම ශක්තිය
අනතුරැව කොකාලික භික්ෂුව මෙසේ සැරියුත් මුගලන් දෙනමට උපවාද කොට, අසුනෙන් නැගිට භාග්‍යවතුන්වහන්සේට වැද පැදකුණුකොට ගියේය. එසේ ගොස් ස්වල්ප මොහොතකින් පසු කොකාලික භික්ෂුවගේ ශරීරය පුරා අඹ ඇට තරමේ බිබිලි හටගෙන මුලුමනින්ම පැතිර ගියේය. අඹ ඇට තරමි බිබිලි මුංඇට තරමි විය. මුං ඇට තරමි බිබිලි කඩල ඇට තරමි විය. කඩල ඇට තරමි බිබිලි ඩෙබර ඇට තරමි විය. ඩෙබර ඇට තරමි බිබිලි ඩෙබර ඵල තරමි විය. ඩෙබර ගෙඩි තරමි බිබිලි ඇඹුලගෙඩි තරමි විය. ඇඹුල ගෙඩි තරමි බිබිලි බෙලි ගැට තරමි විය. බෙලි ගැට තරමි බිබිලි බෙලි ගෙඩි තරමි විය. ඒවා බෙලි ගෙඩි තරමි වී පුපුරා යන ලදි. එයින් ලේ සැරව වැගිරෙන්නට විය. පසුව කෝකාලික භික්ෂුව එම රෝගයෙන්ම මිය යන ලදි. මියයන ලද කොකාලික භික්ෂු නම සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත වෛරකොට පදුම නිරයට පැමිණෙන ලදි.
ඉක්බිති සහමිපති බ්‍රහ්ම තෙමේ මනහරවු පැහැයෙන් මුළු දෙවිරමි වෙහෙරම බබුළුවා මධ්‍යම රාත්‍රී වේලේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පෙනි සිටින ලදි. පෙනී සිට වැද එකත්පස්ව සිට. ස්වාමිනි කෝකාලික භික්ෂු නම කළුලිය කලේය. කළුරිය කල කොකාලික භික්ෂුව පදුම නිරයේ උපතලැබීය යැයි පවසන ලදි. මෙසේ සැලකොට භාග්‍යවතුන්වහන්සෙට වන්දනාකොට එහි අතුරැදහන් විය.

භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් අමතයි
භාග්‍යවතුන්වහන්සේ එම රැය ගතවීමෙන් පසු භික්ෂුන් අමතා, මහණෙනි මේ රාත්‍රියේ සහමිපති බ්‍රහ්මතෙමේ මාවෙත පැමිණ කොකාලික භික්ෂු නම කළුරිය කොට පදුම නිරයට පැමිණියේය යන බව පවසා වැද පැදකුණු කොට අතුරැදහන් වු බව වදාලහ.
පදුම නිරයේ ආයුෂය
මෙසේ වදාළ පසු එක් භික්ෂු නමක් පදුම නිරයේ ආයුශය කෙබදුදැයි භාග්‍යවතුන් වහන්සේ විමසා සිටින ලදි. භික්ෂුව පදුම නිරයේ ආයුශ ඉතා දිගුයි. එය මෙපමණයි කියා හෝ එය අවුරැදු මෙපමන සියයි කියා හෝ එය අවුරැදු මෙපමන දහසයි කියා හෝ එය මෙපමණ අවුරැදු ලක්ෂයයි කියා හෝ ගණන් කිමට අපහසුයි යැයි භාග්‍යවතුන් වහසේ වදාළ සේක.
එකල් හි ඒ භික්ෂුව ස්වාමිනි උපමාවක් වදාල හැකි දැයි විමසා සිටින ලදි. භික්ෂුව හැකිය. කොසොල් රට ව්‍යවහාරික විසිකිරියකින් යුත් තලගැලක් යමි තරමි වේ නමි, මිනිසෙක් එයින් අවුරැදු සියයකට වරක් හෝ 1000 කට වරක් එක් තල ඇටය බැගින් ඉවත් කරයි. මේ ආකාරයට ඉවත් කලද භික්ෂුව ඒ තල ගැල ඉක්මනින් ඉවර වෙයි. එනමුත් එකම අබිබුද නිරයක ආයුෂය ඉවර නොවෙයි. අබිබුධ නිරය විස්සක ආයුෂය මෙන් එක් නිරබිබුධ නිරයක ආයුෂය වෙයි. නිරබිබුධ නිරය විස්සක ආයු මෙන් එක් අබිබ නිරයක් වෙයි. අබිබ නිරය විස්සක් මෙන් එක් අහහ නිරයක් වෙයි. අහහ නිරය විස්සක් මෙන් එක් කුමුද නිරයක් වෙයි. කුමුද නිරය විස්සක් මෙන්, සොඝන්ධික නරයක් වෙයි. සොඝන්ධික නිරය විස්සක් මෙන් එක් උත්පල නිරයක් වෙයි. උත්පල නිරය විස්සක මෙන් එක් පුන්ඩරික නිරයක් වෙයි. පුණ්ඩරික නිරය විස්සක් මෙන් පදුම නිරයක් වෙයි. මහණෙනි කොකාලික සැරියුත් මුගලන් දෙනම වෙත ද්වේශකොට පදුම නිරයට පැමිණියේ යැයි වදාළා, නැවතත් භාග්‍යවතුන්වහන්සේ මෙසේද වදාල සේක.
උපන් මිනිසගේ කටෙහි කෙටේරියක් හට ගනියි. එයින් දුර්භාෂිත කියන මෝඩයා තමා සිද දමයි.
යමෙක් නිගා කල යුත්තාට ප්‍රශංසා කරයි නමි, යමෙක් පැසසිය යුත්තාට නිගා කරයි නමි, ඔහු කටින පවි රැස් කරයි ඒ පාපයෙන් ඔහු සැපයක් නොවිදියි.
සූදුවෙහි ධන පරාජයක් වෙයි නමි එය බොහෝ අල්ප මාත්‍ර දෙයකි. යමෙක් සුමග යන්නවුන් කෙරෙහි සිත දුෂ්‍ය කර ගනියි නමි මෙය සියල්ලටම වඩා ඔහු ලත් පරාජය වෙයි.
පවිටු වචනත් මනසත් යොදා ආර්‍යන්ට ගර්හා කරන්නා නිරයට පැමිනෙයි. නිරබිබුධ ලක්ෂ තිස්හතකුත් අබිබුධ පසකුත් ආයු වෙයි.
බොරැ කියන්නාත්, කොට නොකෙලෙමියි කියන්නාත් නිරයට යෙති. දෙදෙනාම පරළොව සමවෙති. නිහීන ක්‍රියා (නින්දිත/පහත්) ක්‍රියා ඇති මිනිසුන් පරළොව සමවෙති.
යමෙක් අදුෂ්ඨ වු ශුද්ධ අන්ගන සහිත පුරැෂයෙකුට ද්‍රොහ වෙයි නමි, ඒ අකුසලය උඩුසුලගට දැමු දුවිල්ලක් මේන් ඒ මොඩයා කරාම එයි.
ලෝභයෙහි යෙදුන යමෙක් වෙයි නමි, සැදැහැ නැති තද මසුරැ කථා කල යුත්ත නොදත් මුසුරැ, කේලමට ලැදි ඔහු අනුන්ට අවමන් කරයි.
කටහැකරවු, බොරැකාර, අනාර්‍යවුතැනැත්ත, දියුණුව නසනා පුරැෂය, පවුකාරය, නරකදේ කරන තැනැත්ත, පහත් පුරැෂය, නිසරැ පුරැෂය, අවජාතය, මෙළොව බොහෝ කතා නොකරන්න, නිරයට නොයන්න.පවිකාරයා ශාන්ත පුරැෂයන්ට ගර්හා කරයි. තමා වෙත ක්ලේෂ දුවිලි වගුරැවයි. ඕ බොහෝ දුසිරිත් කොට දිගු කල් අපායගාමී වෙයි.
කිසිවෙකුගේ කර්මය විපාක දිමෙන් තොරව නොනසී. මේසේ ඒ කර්ම විපාකය එහි ස්වාමියාම ලබයි. පවිකරන මොඩයා පරළොව තමා කෙරෙහිම දුක දනියි.
ඔහු යහුල් තබන ලද, තියුණු මුවහත්වු යහුල් ඇති නිරයට යයි. එසේම එහි රත්වු යගුලි සමවු ආහාරද ලබයි.
එහි කතා කරන්නෝ මිහිරි බස් නොකියති. ප්‍රසන්න මුහුණින් ඉදිරියට නොඑති. කිසිවෙක් ආරක්ෂාවට නොඑති. එහි වුවෝ අතුරන ලද ගිනි අඟුරැ වලම නිදති. ඇවිලෙන ගින්නෙ දැවෙති.
එසේම වුහු ගිනිසේ දිලෙන ලෝකුඹු නිරයට වදිති.ගිනි හා සමාන එහි ඉපිලි ඉපිලි බෝකල් පැසෙති.
එසේම පවිකාරයා, ලේ සැරවින් පිරැන නිරයට වදිති. එහි කෙසේ පැසේත්ද යත්, යමි යමි පැත්තකට යයි නමි, එහි ලෙ සැරව පහසින්ම පිඩාවට පත් වෙයි.
පනුවන්ට වාසභුමි වු ලෝදිය සහිත නරකයේ පවිකාරයා කෙසේ පැසෙත්ද යත්, එහි යන්නට තොටුපලක්හෝ නැත. හැමතින්ම හාත්පසින්ම යකබලමය.
මෙසේ පැසෙන්නාවු පවිකාරයා හොදටම තුවාල වු ගතින්, තියුණු අසිපත් වනය නමි නිරයට පිවිසෙත්. එහි වුවෝ දිව බිලියෙන් දවටා ඔබ මොබ ඇද ඇද පෙලති.
එසේම තියුණු ක්ෂුරධාරා ඇති වේතරණි නමි දුගතියට පැමිනෙති. පවිකාර මුග්ධයෝ පවිකමි කොට එහි පැමිණෙති.
එහි ශ්‍යාමවර්ණවුත් කබරවන්වුත් වනකඩුඩෝත් බුලු කැනහිලන් ආදිනුත්, ගිජුලිහිණියොත්. උකුස්සොත් නේරයිකයෝ හඩව හඩවා මස්ඉරා කති. තුඩිනුත් ඉරා දමති.
පවිකාර ජනයා මෙහි යමි ජීවිතයක් ගෙවත් නමි එය සැබවින්ම දුකකි. එබැවින් මිනිසා පමානොවිය යුතුය.
පදුම නිරයේ යමෙක් උන්නාහු නමි ඔවුන්ගේ ආයු ප්‍රමාණය, ප්‍රාඥයන් තලගැලින් ගනින ලදි. නහුත කොටි පසක් සහ තවත් දොලොස් කොටි සියයකි.
මෙහි කියන ලද නිරයන් යමිතාක් දුක් සහිතද, එහි එසේම බොහෝ කලක් වාසය කල යුතුය. එබැවින් පවිත්‍ර ප්‍රිය ශිලි යහපත් ගුණ ඇත්තවුන් කෙරෙහි හැමදා වචනයත් මනසත් සුරැකිය යුතුය. සැමට පහසුම ප්‍රථිපදාවෙන් නිවනම වේවා!!

සාදු සාදු බොහෝම වැදගත් ලිපි වහන්සේ නමක් . මෙම දේශනා වහන්සේ ඉතාම අනර්ඝයි
ReplyDeletehttps://drive.google.com/open?id=1R1GUcAUJk_VP0MRFarpkFM7FhR-o4kXn
Www.fb.com/aryasravaka
බොහෝම පින් මේ ලිපිය පල කලාට
ReplyDelete