Thursday, 9 August 2012

බුදු රජාණන්වහන්සේගේ අසූ මහා ශ්‍රාවකයන්

බුදු රජාණන්වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකයන් අතර වෙති.උන්වහන්සේලාගේ නම්:

සිරි ගෝතම සම්බුද්ධ ශාසනයේ අග තනතුරු දැරූ මහ රහතන් වහන්සේලා

  1. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ - චිරරාත‍්‍රඥයන් අතරින් අග‍්‍ර වේ.
  2. සැරියුත් මහ රහතන් වහන්සේ - මහා ප‍්‍රාඥයන් අතරින් අග‍්‍ර වේ.
  3. මුගලන් මහ මහ රහතන් වහන්සේ - සෘද්ධිමතුන් අතරින් අග‍්‍ර වේ.
  4. මහ කස්සප මහ රහතන් වහන්සේ - ධූතාංගධාරින් අතරින් අග‍්‍ර වේ.
  5. අනුරුද්ධ මහ රහතන් වහන්සේ - දිවැස් ඇත්තවුන් අතරින් අග‍්‍ර වේ.
  6. භද්දිය මහ රහතන් වහන්සේ - උසස් කුලයේ උපන්නන් අතරින් අග‍්‍ර වේ.
  7. ලකුණ්ඨක භද්දිය මහ රහතන් වහන්සේ - මධුර කටහඬ ඇත්තවුන් අතරින් අග‍්‍ර වේ.
  8. පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ - සිංහනාද කරන්නන් අතර අග‍්‍ර වේ.
  9. පුණ්න මන්තානි පුත්ත මහ රහතන් වහන්සේ - ධර්ම කථියන් අතර අග‍්‍ර වේ.
  10. මහා කච්චායන මහ රහතන් වහන්සේ - කෙටියෙන් දේශනා කළ ධර්මය විස්තරාත්මකව දේශනා කිරීමේ හැකියාව ඇති අය අතර අග‍්‍ර වේ.
  11. චුල්ල පන්ථක මහ රහතන් වහන්සේ - මනෝමය රූප නිර්මාණය කරන අය අතර අග‍්‍ර වේ.
  12. මහා පන්ථක මහ රහතන් වහන්සේ - නොකිළිටි විහරණ ඇත්තන් අතර අග‍්‍ර වේ.
  13. සුභූති මහ රහතන් වහන්සේ - අරූප ධ්‍යානයෙන් නැගිට රහත් වූවන් අතරින් අග‍්‍ර වේ.
  14. ඛදිරවනීය රේවත මහ රහතන් වහන්සේ - ආරණ්‍යයකවාසීන් අතරින් අග‍්‍ර වේ.
  15. කංඛා රේවත මහ රහතන් වහන්සේ - ධ්‍යානයෙහි යෙදුණු අය අතරින් අග‍්‍ර වේ.
  16. සෝන කෝළිවිස මහ රහතන් වහන්සේ - වීර්යයන් ඇති කර ගන්නා අය අතරින් අග‍්‍ර වේ.
  17. සෝණ කුටිකණ්ණ මහ රහතන් වහන්සේ - යහපත් වූ කතා ඇති අය අතරින් අග‍්‍ර වේ.
  18. සීවලි මහ රහතන් වහන්සේ - ධර්ම ලාභීන් අතරින් අග‍්‍ර වේ.
  19. වක්කලී මහ රහතන් වහන්සේ - අධිකව ශ‍්‍රද්ධාව ඇති අය අතරින් අග‍්‍ර වේ.
  20. රාහුල මහ රහතන් වහන්සේ - ශික්‍ෂාකාමීන් අතරින් අග‍්‍ර වේ.
  21. කුණ්ඩධාන මහ රහතන් වහන්සේ - ප‍්‍රථමයෙන් සලකා ගන්නන් අතරින් අග‍්‍ර වේ.
  22. රට්ඨපාල මහ රහතන් වහන්සේ - ශ‍්‍රද්ධාවෙන් පැවිදි වූවන් අතරින් අග‍්‍ර වේ.
  23. වංගීස මහ රහතන් වහන්සේ - වැටහෙන්නා වූ නුවණ ඇති අය අතරින් අග‍්‍ර වේ.
  24. උපසේන මහ රහතන් වහන්සේ - සියලූ අංගයන්ගෙන් ප‍්‍රසාදය ඇතිකරන අය අතරින් අග‍්‍රවේ.
  25. දබ්බ මල්ල මහ රහතන් වහන්සේ - සෙනසුන් පනවන්නන් අතරින් අග‍්‍ර වේ.
  26. පිලින්දවච්ඡු මහ රහතන් වහන්සේ - දෙවියන්ට පි‍්‍රය වූවන් අතරින් අග‍්‍ර වේ.
  27. භාගිය දාරුචිරිය මහ රහතන් වහන්සේ - මහා අභිඥා ලද අය අතරින් අග‍්‍ර වේ.
  28. කුමාර කාස්සප මහ රහතන් වහන්සේ - විචිත‍්‍ර ධර්ම කථිකයන් අතරින් අග‍්‍ර වේ.
  29. මහ කොට්ඨිත මහ රහතන් වහන්සේ සිව් - පිලිසිඹියා පත්වුවන් අතරින් අග‍්‍ර වේ.
  30. ආනන්ද මහ රහතන් වහන්සේ - උපස්ථායකයන් අතරින්ද, ධාරණ හා ස්මෘති ශක්තිය ඇති අය අතරින්ද, බුදු හිමියන් පවසා වදාරණ ලද දේ ඒ ලෙසම දැනගන්නන් අතරින්ද, වීර්යවන්තයින් අතරින්ද අග‍්‍රස්ථානයට පත්ව ඇත.
  31. උරුවේල කස්සප මහ රහතන් වහන්සේ - විශාල වශයෙන් පිරිස් ඇත්තවුන් අතරින් අග‍්‍ර වේ.
  32. කාළුදායි මහ රහතන් වහන්සේ - කුලයන් සසුනෙහි පහදවන අය අතරින් අග‍්‍ර වේ.
  33. බක්කුල මහ රහතන් වහන්සේ - නිරෝගී අය අතරින් අග‍්‍ර වේ.

(වසර 160ක් ජීවත් වුණි)

  1. සෝභිත මහ රහතන් වහන්සේ - පුබ්බේ නිවාසානුස්මෘති ඥානය ඇති අය අතරින් අග‍්‍ර වේ.
  2. උපාලි මහ රහතන් වහන්සේ - විනයධරයන් අතරින් අග‍්‍ර වේ.
  3. නන්දක මහ රහතන් වහන්සේ - මෙහෙණින් වහන්සේලාට අවවාද කරන අය අතරින් අග‍්‍ර වේ.
  4. නන්ද මහ රහතන් වහන්සේ - ඉන්ද්‍රිය සංවරයෙන් යුත් අය අතරින් අග‍්‍ර වේ.
  5. මහා කප්පින මහ රහතන් වහන්සේ - අවවාද ලබාදෙන අය අතරින් අග‍්‍ර වේ.
  6. සාගත මහ රහතන් වහන්සේ - තේජෝධාතු සමවතට සමවදින්නන් අතරින් අග‍්‍ර වේ.
  7. රාධ මහ රහතන් වහන්සේ - ධර්ම දේශනා වැටහීමට හේතුවන විධි ඇත්තවුන් අතරින් අග‍්‍ර වේ.
  8. මෝඝරාජ මහ රහතන් වහන්සේ - රූක්‍ෂ චීවර (රළු සිවුරු* දරන්නන් අතරින් අග‍්‍ර වේ.
  9. නාලක මහ රහතන් වහන්සේ - මෝනෙය්‍ය වත පුරන භික්‍ෂුන් අතර අග‍්‍ර වේ.

මෙම තනතුරු ලාභී මහරහතන් වහන්සේලා සමග තවත් මහ රහතන් වහන්සෙලා තිස් අටනමක් අසූ මහා ශ‍්‍රාවකයන් වහන්සේලාට අයත්ය. එම මහ තෙරුවරුන් වහන්සේලා මෙසේය.

  1. භද්දිය මහ රහතන් වහන්සේ
  2. වප්ප මහ රහතන් වහන්සේ
  3. මහනාම මහ රහතන් වහන්සේ
  4. අස්සජි මහ රහතන් වහන්සේ
  5. කිම්බිල මහ රහතන් වහන්සේ
  6. භගු මහ රහතන් වහන්සේ
  7. චුන්ද මහ රහතන් වහන්සේ
  8. සේලූදායි මහ රහතන් වහන්සේ
  9. භද්දිලි මහ රහතන් වහන්සේ
  10. තෝද්‍යෙය මහ රහතන් වහන්සේ
  11. කප්ප මහ රහතන් වහන්සේ
  12. ජතුකණ්න මහ රහතන් වහන්සේ
  13. පොසාල මහ රහතන් වහන්සේ
  14. පුණ්නක මහ රහතන් වහන්සේ
  15. ධෝතක මහ රහතන් වහන්සේ
  16. නන්ද මහ රහතන් වහන්සේ
  17. අජිත මහ රහතන් වහන්සේ
  18. තිස්ස මෙත්තෙය්‍ය මහ රහතන් වහන්සේ
  19. මෙත්තගු මහ රහතන් වහන්සේ
  20. උපසීව මහ රහතන් වහන්සේ
  21. හේමක මහ රහතන් වහන්සේ
  22. භද්‍රාවුධ මහ රහතන් වහන්සේ
  23. උදය මහ රහතන් වහන්සේ
  24. පිංගිය මහ රහතන් වහන්සේ
  25. මේසිය මහ රහතන් වහන්සේ
  26. ඡුන්න මහ රහතන් වහන්සේ

69.උපවාන මහ රහතන් වහන්සේ

  1. භද්දජි මහ රහතන් වහන්සේ
  2. යස මහ රහතන් වහන්සේ
  3. ලක්ඛණ මහ රහතන් වහන්සේ
  4. ගවම්පති මහ රහතන් වහන්සේ
  5. පුණ්ණජි මහ රහතන් වහන්සේ
  6. නදී කස්සප මහ රහතන් වහන්සේ
  7. අංගුලිමාල මහ රහතන් වහන්සේ
  8. ගයා කාශ්‍යප මහ රහතන් වහන්සේ
  9. අමේල කස්සප මහ රහතන් වහන්සේ
  10. සභිය මහ රහතන් වහන්සේ
  11. සකුලූදායි මහ රහතන් වහන්සේ

සිරි ගෝතම බුද්ධ ශාසනයේ අග තනතුරු දැරූ මහ තෙරුණිවරු.

  1. ශ‍්‍රාවිකා වහන්සේලා අතරින් අග‍්‍ර - ප‍්‍රජාපතී මහ රහත් මෙහෙණින් වහන්සේ
  2. මහා නුවණැත්තියන් අතරින් අග‍්‍ර - ඛේමා මහ රහත් මෙහෙණින් වහන්සේ
  3. සෘද්ධිමතියන් අතරින් අග‍්‍ර - උප්පලවණ්නා මහ රහත් මෙහෙණින් වහන්සේ
  4. විනයධාරින් අතරින් අග‍්‍ර - පටාචාර මහ රහත් මෙහෙණින් වහන්සේ
  5. ධර්ම දේශනා කරන්නන් අතරින් අග‍්‍ර - ධම්මදින්නා මහ රහත් මෙහෙණින් වහන්සේ
  6. ධ්‍යාන වඩන්නියන් අතරින් අග‍්‍ර - නන්දා මහ රහත් මෙහෙණින් වහන්සේ
  7. ආරාබ්ද වීර්යය ඇත්තියන් අතරින් අග‍්‍ර - සෝණ මහ රහත් මෙහෙණින් වහන්සේ
  8. දිවැස් ඇත්තියන් අතරින් අග‍්‍ර - සකුලා මහ රහත් මෙහෙණින් වහන්සේ
  9. මහා අභිඥා ඇත්තියන් අතර අග‍්‍ර - භද්දා කුණ්ඩලකේසි මහ රහත් මෙහෙණින් වහන්සේ
  10. පෙර ජාති සිහිකරන්නියන් අතර අග‍්‍ර - භද්දා කාපිලානි මහ රහත් මෙහෙණින් වහන්සේ
  11. මහා අභිඥා නුවණ ලැබූ ඇත්තියන් අතර අග‍්‍ර - භද්දකච්චායනා මහ රහත් මෙහෙණින් වහන්සේ
  12. රුක්ෂ (රළු) සිවුරු දරන්නියන් අතරින් අග‍්‍ර - කිසාගෝතමී මහ රහත් මෙහෙණින් වහන්සේ
  13. අධික ශ‍්‍රද්ධා ඇත්තියන් අතරින් අග‍්‍ර - සිඟාල මහ රහත් මෙහෙණි

1 comment:

  1. මම අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා පිලිවෙලින් සොයා ගැනීමට වෙහෙසුනා ගොඩාක්.Search කලාට සොයාගන්න ලැබුනේ මෙතනින් විතරයි.ඔබට ගොඩක් පින්. මේ ධර්ම දානයෙන් ඔබ රැස් කර ගත්තාවූ කුසලය උතුම් වූ නිර්වාණය පිණිසම ඔබට පාරමිතාවක් වේවා..!

    ReplyDelete