"පින්වත් මහණෙනි, මේ ලෝකයේ මිනිසුන්ටත්, දෙවියන්ටත්,
වඩාත් ම අනුකම්පා කරන්නේ, වඩාත් ම උදව් උපකාර කරන්නේ, වඩාත් ම ආදරය කරන්නේ, එකම එක්කෙනෙකි’ ඒ වෙන කිසිවකු නොව සියලූ කෙලෙසුන්ගෙන් මිදුණු සම්මා සම්බුදු රජාණන් වහන්සේ ය"
(අංගුත්තර නිකාය - 01)
"ආනන්දය, යම් කෙනෙක් තම දෙමව්පියන්ට ආදරේ නම් දරුවන්ට ස්නේහවන්ත නම්, හිතමිතුරන්ට සානුකම්පිත නම් ඔහු කළ යුතු පාරිශුද්ධ දෙයක් තිබේ’ එනම් ඔවුනට ඉතා ම පැහැදිලි ලෙසත්, ස්ථිර ලෙසත් තෙරුවන් සරණ යන හැටි කියා දීම යි’ මුළු හදවතින් ම සමාදන් කරවීම යි"
"පින්වත් මහණෙනි, යමෙක් පාරිශුද්ධ සන්තානයක් ඇති තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වය මුළු හදවතින් ම පිළිගනී ද, අදහා ගනී ද, නිසැක බවට පත්වෙයි ද, එය ඔහුට සැනසීම ලබා දෙන පළමු වන මහා පුණ්‍ය ගංඟාව යි’ කුසල ගංඟාව යි’˜
(අභිසන්ද සුත්ත - ස’නි’ 05)
"පින්වත් මහණෙනි, සම්මා සම්බුද්ධ යනු මේ ලෝකයේ පහළ වූ ඉතාමත් ආශ්චර්ය වූ මනුෂ්‍යයා ය’
-පින්වත් මහණෙනි, සම්මා සම්බුද්ධත්වයට පත් වූ උතුමෙකු පහළ වූවා යනු අඥානකම නැමැති අන්ධකාරය දුරු කරන ප‍්‍රඥාලෝකයේ පහළවීම යි’
-මායා වංචා පිරී ගිය අසත්‍යයේ කඩතුරාව ඉරා දමන සත්‍යයේ උදාව යි’
-දුක් දොම්නස් දුරු කරන සෙත ශාන්තියේ උදාව යි’
-සියළු මානසික වහල් බැමිවලින් මිදුණු සනාතන විමුක්තියේ උදාව යි’
-සැනසිලි මග හඳුනාගත් සෝවාන් වූ තථාගත ශ‍්‍රාවකයන් ගේ පහළ වීම යි’
-ධර්මය හඳුනාගෙන විමුක්තිය උදෙසා කැපවී කෙලෙස් සංසිඳවා ගත් සකෘදාගාමී තථාගත ශ‍්‍රාවකයන්ගේ පහළ වීම යි’
-රාගයත් ද්වේෂයත් සදහට ම සිතෙන් ඉවත් කරගත් අනාගාමී වූ (නැවත කාම ලෝකයට නො පැමිණෙන තථාගත ශ‍්‍රාවකයින්ගේ පහළ වීම යි’
-සියලූ කෙලෙසුන්ගෙන් මිදී සදාකාලික සැපය වූ නිර්වාණය අවබෝධ කිරීමෙන් රහත් වූ තථාගත කෙනෙකුගේ පහළ වීම දෙව් මිනිසුන්ගේ භාග්‍යය උදාවීමකි’˜
(අංගුත්තර නිකාය 01)
"පින්වත් මහණෙනි, යමෙක් වනාහී තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වය නො පිළිගනී ද, නො අදහා ගනී ද සැක කරයි ද, ඔහු දිළින්දෙකි’ ආධ්‍යාත්ම දිළින්දෙකි’˜
(ඉණ සුත්ත - අං’නි’ 5)
"එහෙත් පින්වත් මහණෙනි, යමෙක් මුළු හදවතින් ම තෙරුවන් සරණ ගියේ නම්, තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වය මුළු හදවතින් ම අදහා ගනී නම්, ඒ අවංක ශ‍්‍රද්ධාවන්තකම ඔහු සතු මහා ධන සම්පත යැ යි කියමි’˜
(විත්ථත ධන සුත්ත - සං’නි’ 5)
"පින්වත් මහානාම, සෑබෑ ලෙස තෙරුවන් සරණ ගිය ශ‍්‍රාවකයා තුළ පැවතිය යුත්තේ මෙන්න මේ ආකාරයේ ශ‍්‍රද්ධාවකි’ ඔහු තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වය මුළු හදවතින් ම අදහා ගනී’ එනම් ඔහු නොයෙක් අයුරින් සම්බුදු ගුණ හඳුනා ගනී’ එ් මෙසේ ය.
එ් භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ මේ මායා මෝහ ජාලය සිඳ දමා සියලූ රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් වලින් මුළුමනින් ම මිදුණු බව (අරහං* මුළු හදවතින් ම පිළිගනී’
උන්වහන්සේ ගුරූපදේශ රහිත ව ස්වකීය බුද්ධියෙන් හා වීර්යයෙන් යුතුව සියල්ල අවබෝධ කළ බව (සම්මා සම්බුද්ධ* මුළු හදවතින් ම පිළිගනී.
උන්වහන්සේ ඉතා ම පිවිතුරු සීලයෙකින් යුතුව සමාධිමත් සිතකින් යුතුව, අඥානකම දුරු කොට විද්‍යාව පහළ කරගත් බව (විජ්ජාචරණ සම්පන්න* මුළු හදවතින් ම පිළිගනී.
උන්වහන්සේ පැහැදිලිව ම විමුක්තිය උදෙසා වෙහෙස මහන්සි වී එ් විමුක්තිය සාක්ෂාත් කළ බව (සුගත)හදවතින් ම පිළිගනී.
උන්වහන්සේ මෙලොව පමණක් නොව, අපායේ ද, දිව්‍ය ලෝකයේ ද, බ‍්‍රහ්ම ලෝකයේ ද, මුළු මහත් විශ්වයේ ම රහස් සොයා ගත් බව (ලෝකවි¥* මුළු හදවතින් ම පිළිගනී.
විමුක්තිය සළසා ගැනීමට පින් තිබෙන ඕනෑම මිනිසෙකුට හෝ දෙවියෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට හෝ එ් මග පෙන්වා දී ඔහුට විමුක්තිය සළසා දිය හැකි බව (අනුත්තර පුරිසදම්ම සාරථී* මුළු හදවතින් ම පිළිගනී.
උන්වහන්සේ දෙවියන්ගේත්, මිනිසුන්ගේත් එක ම හා උත්තම ආදරණීය ගුරුවරයා බව (සත්ථා දේවමනුස්සානං) මුළු හදවතින් ම පිළිගනී.
උන්වහන්සේ මහත් වූ කැපවීමකින් යුතුව අවබෝධ කළ ධර්මය සඟවා නො ගෙන සතුටින් බෙදා දුන් බව (බුද්ධ)මුළු හදවතින් ම පිළිගනී.
එක ම එක මිනිසෙකු තුළ තිබෙන මේ සා ආශ්චර්යවත් ගුණ සමූහයක් ඇති කර ගැනීමේ භාග්‍යවන්තයා උන්වහන්සේ පමණක් බව (භගවා* මුළු හදවතින් ම පිළිගනී.
පින්වත් මහානාමය, යමෙක් මෙන්න මේ ආකාරයට සම්බුදු ගුණ හඳුනා ගනී ද එය ඔහුගේ සැබෑ ම ශ‍්‍රද්ධාවකි’˜
"පින්වත් මහානාමය, යම්කිසි කෙනෙක් දිගු කලක් මුළුල්ලේ මුළු හදවතින් බුදුන් සරණ ගියේ නම්, මුළු හදවතින් ම දහම් සරණ ගියේ නම්, මුළු හදවතින් ම එ් ශ‍්‍රාවකත්වය සරණ ගියේ නම් එ් සැදැහැවත් තථාගත ශ‍්‍රාවකයා කෙසේ නම් නරක තැනක උපදින්ට ද?˜
(සරකානි සුත්ත - සං’නි’ 5)
1’ තථාගත බුදුරජාණන් වහන්සේ සිදු විය හැකි දෙය සිදු විය හැකි දෙයක් ලෙසත්, සිදු විය නො හැකි දෙය සිදු විය නො හැකි දෙයක් ලෙසත් එ් ආකාරයෙන් ම අවබෝධ කරගෙන වැඩ සිටිති’ මෙය තථාගතයන් වහන්සේ තුළ පවතින පළමු ඤාණ බලය යි’
2’ තථාගත බුදුරජාණන් වහන්සේ අතීත, අනාගත සහ වර්තමාන යන කාලයන්ට අයත් ඕනෑම කර්මයකට ලැබෙන විපාක ගැන එ් එ් හේතු වශයෙන් ද, තැන් වශයෙන් ද, ඉතාමත් නිවැරදි ලෙස අවබෝධ කරගෙන වැඩ සිටිති’ මෙය තථාගතයන් වහන්සේ තුළ පවතින දෙවන ඤාණ බලය යි’
3’ තථාගත බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි ඕනෑම ආකාරයකින් ඕනෑම කෙනෙකුගේ උපතක් සිදුවන ආකාරයත්, එයට හේතු වන්නා වූ සියලූ කරුණුත් එ් ආකාරයෙන් ම අවබෝධ කරගෙන වැඩ සිටිති’ මෙය තථාගතයන් වහන්සේ තුළ පවතින තුන්වන ඤාණ බලය යි’
4’ තථාගත බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා නොයෙකුත් ධාතු ස්වභාව වශයෙන් ගැලපී යන ආකාරය ගැනත්, එනම් සත්පුරුෂයන් සත්පුරුෂයන් සමඟ එකතු වීම, කෙලෙහි ගුණ නො දත් අසත්පුරුෂයන් එවැනි ම අසත්පුරුෂයන් හා එකතු වීම ආදී ධාතු ස්වභාවයන් ගැනත්, හොඳ හොඳ සමඟ එකතු වීම, නරක නරක සමඟ එකතු වීම ආදී ධාතු ස්වභාවයන් ගැනත් ලෝකයෙහි අනේක වූ ධාතු ස්වභාව ගැනත්, නා නා ධාතු ස්වභාව ගැනත් එ් ආකාරයෙන් ම අවබෝධ කරගන වැඩ සිටිති’ මෙය තථාගතයන් වහන්සේ තුළ පවතින හතරවෙනි ඤාණ බලය යි’
5’ තථාගත බුදුරජාණන් වහන්සේ නොයෙක් ආකාරයේ ජීවිතවලට මේ සත්වයා සකස් වෙවී යන ආකාරයත්, මේ සත්වයන් තුළ ඇති විවිධත්වයත් එ් ආකාරයෙන් ම අවබෝධ කරගෙන වැඩ සිටිති’ මෙය තථාගතයන් වහන්සේ තුළ පවතින පස්වෙනි ඤාණ බලය යි.
6’ තථාගත බුදුරජාණන් වහන්සේ ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිතයක බලපවත්වන කුසලතා දියුණු වන ආකාරයත්, පිරිහී යන ආකාරයත් පිළිබඳව එ් ආකාරයෙන් ම අවබෝධ කරගෙන වැඩ සිටිති’ මෙය තථාගතයන් වහන්සේ තුළ පවතින හයවන ඤාණ බලය යි.
7’ තථාගත බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා විසින් බණ භාවනා වශයෙන් දියුණු කරන්නා වූ ධ්‍යාන, විමෝක්ෂ, සමාධි, සමාපත්ති ආදියත්, එ්වා පිරිහීමට හේතු වන කරුණුත් එයින් අත්මිදෙන ආකාරයත්, ඒවා දියුණු කළ හැකි ආකාරයත් එ් ආකාරයෙන් ම අවබෝධ කරගෙන වැඩ සිටිති’ මෙය තථාගතයන් වහන්සේ තුළ පවතින හත්වෙනි ඤාණ බලය යි.
8’ තථාගත බුදුරජාණන් වහන්සේ අතීත ජීවිත එකක් දෙකක් පමණක් නොව, සිය ගණන්, සිය දහස් ගණන්, ලක්ෂ කෝටි ගණන්, කල්ප ගණන් ගෙවා ඇති අයුරු එ් ආකාරයෙන් ම අවබෝධ කරගෙන වැඩ සිටිති’ මෙය තථාගතයන් වහන්සේ තුළ පවතින අටවෙනි ඤාණ බලය යි.
9’ තථාගත බුදුරජාණන් වහන්සේ කර්මානුරූපව ලෝක සත්වයා චුත වෙන ආකාරයත්, එමෙන් ම කර්මානුරූපව ම යළි උපදින ආකාරයත්, පව් කළ උදවිය එම පව් හේතුවෙන් දුගතිය කරා යන ආකාරයත්, පින් කළ උදවිය එම පින් හේතුවෙන් සුගතිය කරා යන ආකාරයත් එ් ආකාරයෙන් ම අවබෝධ කරගෙන වැඩ සිටිති’ මෙය තථාගතයන් වහන්සේ තුළ පවතින නවවන ඤාණ බලය යි.
10’ තථාගත බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ තුළ උපදවා ගන්නා ලද අතිවිශිෂ්ඨ වූ ඤාණය මෙහෙයවීමෙන් සියලූ කෙලෙසුන්ගෙන් නිදහස් වී උතුම් අරහත්වයට පත් වී වදාළ බව එ් ආකාරයෙන් ම අවබෝධ කරගෙන වැඩ සිටිති’ මෙය තථාගතයන් වහන්සේ තුළ පවතින දසවෙනි ඤාණ බලය යි.
මෙම දසබල ඤාණයෙන් සමන්විත වූ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ දිව්‍ය, මනුෂ්‍ය, මාර, බ‍්‍රහ්ම ආදී සකලවිධ පිරිස් ඉදිරියේ විශාරදව ධර්ම දේශනා කළ අයුරු අපට සිතා ගැනීමට පවා නො හැකි තරම් ආශ්චර්යය ය’
එපමණක් නොවේ, තථාගත බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ තුළ බලපවත්වන අද්විතීය වූ අසාමාන්‍ය වූ විශාරද ඤාණ හතර පිළිබඳව ද පෙන්වා වදාළ සේක’
විශාරද ඤාණ
1’ ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ කියා ප‍්‍රතිඥා දෙනවා’ නමුත් මේ මේ ධර්මයන් අවබෝධ කර නැත˜ කියා ලෝකයෙහි කිසිදු ශ‍්‍රමණයෙක් වේවා, බ‍්‍රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ‍්‍රහ්මයෙක් වේවා ලෝකයෙහි වෙන කිසිවෙක් වේවා කරුණු සහිතව, උපවාද කරන්නේ ය යන්න කිසිසේත් ම සිදු නො වන දෙයකි’
එබඳු චෝදනාවකට නිමිති මාත‍්‍රයක් වත් උන්වහන්සේ තුළ නැත’ මෙය අවබෝධයෙන් ම දන්නා බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන්නේ බිය රහිත වූ, ක්ෂේම සහිත වූ, විශාරද භාවයට පැමිණීම තුළ ය’
2’ ඔබ වහන්සේ නිකෙලෙස් වූ රහතන් වහන්සේ නමක් කියා ප‍්‍රතිඥා දෙනවා’ නමුත් මේ මේ කෙලෙසුන් ප‍්‍රහාණය කළේ නැත˜ කියා ලෝකයෙහි කිසිදු ශ‍්‍රමණයෙක් වේවා, බ‍්‍රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ‍්‍රහ්මයෙක් වේවා ලෝකයෙහි වෙන කිසිවෙක් වේවා කරුණු සහිතව, උපවාද කරන්නේ ය යන්න කිසිසේත් ම සිදු නො වන දෙයකි’
එබඳු චෝදනාවකට නිමිති මාත‍්‍රයක් වත් උන්වහන්සේ තුළ නැත’ මෙය අවබෝධයෙන් ම දන්නා බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන්නේ බිය රහිත වූ, ක්ෂේම සහිත වූ, විශාරද භාවයට පැමිණීම තුළ ය.
3’ ඔබ වහන්සේ නිවන් මඟට අනතුරු දේ වශයෙන් යම් යම් දේ පෙන්වා දී තිබෙනවා ද, එ් දේ සේවනය කළාට කිසි අනතුරක් නැත˜ කියා ලෝකයෙහි කිසිදු ශ‍්‍රමණයෙක් වේවා, බ‍්‍රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ‍්‍රහ්මයෙක් වේවා ලෝකයෙහි වෙන කිසිවෙක් වේවා කරුණු සහිතව, උපවාද කරන්නේ ය යන්න කිසිසේත් ම සිදු නො වන දෙයකි’
එබඳු චෝදනාවකට නිමිති මාත‍්‍රයක් වත් උන්වහන්සේ තුළ නැත’ මෙය අවබෝධයෙන් ම දන්නා බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන්නේ බිය රහිත වූ, ක්ෂේම සහිත වූ, විශාරද භාවයට පැමිණීම තුළ ය.
4’ ඔබ වහන්සේ යම් ජීවිතාවබෝධයක් ඉලක්ක කොට ධර්මය දේශනා කරන නමුත්, එම ධර්මය පුරුදු පුහුණු කරන කෙනෙකුට දුකෙන් නිදහස් වීම කළ නො හැකිය˜ කියා ලෝකයෙහි කිසිදු ශ‍්‍රමණයෙක් වේවා, බ‍්‍රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ‍්‍රහ්මයෙක් වේවා ලෝකයෙහි වෙන කිසිවෙක් වේවා කරුණු සහිතව, උපවාද කරන්නේ ය යන්න කිසිසේත් ම සිදු නො වන දෙයකි’
එබඳු චෝදනාවකට නිමිති මාත‍්‍රයක් වත් උන්වහන්සේ තුළ නැත’ මෙය අවබෝධයෙන් ම දන්නා බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන්නේ බිය රහිත වූ, ක්ෂේම සහිත වූ, විශාරද භාවයට පැමිණීම තුළ ය’
01’ මහා නුවණැති හෙයින් ධීර නම් වූ,
02’ මොහඳුර දුරලූ හෙයින් විගතමෝහ නම් වූ,
03’ කෙලෙස් හුල් බිඳලූ හෙයින් පභිණ්හඛිල නම් වූ,
04’ මාර සේනා ජයගත් හෙයින් විජිතවිජය නම් වූ,
05’ කෙලෙස් දුක් රහිත හෙයින් අනීඝ නම් වූ,
06’ සොඳුරු සමසිත් ඇති හෙයින් සුසමචිත්ත නම් වූ,
07’ වැඩුණු සිල් ඇති හෙයින් වෘද්ධසීල නම් වූ,
08’ සොඳුරු ප‍්‍රඥා ඇති හෙයින් සාධුපඤ්හ නම් වූ,
09’ කෙලෙස් දුර්ගයෙන් එතෙරට වැඩි හෙයින් වෙස්සන්තර නම්වූ,
10’ නිමල ගුණ ඇති හෙයින් විමල නම් වූ
භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවකයා වෙමි මම
11’ සැකයෙන් එතෙරට වැඩි හෙයින් අකථංකථි නම් වූ,
12’ සතුටින් පිරුණු සිත් ඇති හෙයින් තුසිත නම් වූ,
13’ කාම ගුණ බැහැර කළ හෙයින් වංතලෝකාමිස නම් වූ,
14’ ලොවේ යහපත දැක සතුටු වන හෙයින් මුදිත නම් වූ,
15’ ශ‍්‍රමණ ගුණ සපුරා ගත් හෙයින් කතසමණ නම් වූ,
16’ උතුම් මිනිසෙක් හෙයින් මනුජ නම් වූ,
17’ අවසන් සිරුර දරනා හෙයින් අන්තිමසාරීර නම් වූ,
18’ උදාර මිනිසෙක් හෙයින් නර නම් වූ,
19’ අලාමක සිත් ඇති හෙයින් අනෝම නම් වූ,
20’ කෙලෙස් දුහුවිලි නැති හෙයින් විරජ නම් වූ
භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවකයා වෙමි මම’
21’ සංකා රහිත සිත් ඇති හෙයින් අසංසය නම් වූ,
22’ හැමට යහපත සදනා හෙයින් කුල නම් වූ,
23’ ලෝ සතුන් දමනය කරනා හෙයින් වේණයික නම් වූ,
24’ දහමේ මැනවින් හික්මවන උතුම් රථාචාර්යා බඳු හෙයින් සාරථීවර නම් වූ,
25’ උදාර ගුණ ඇති හෙයින් අනුත්තර නම් වූ,
26’ පිරිසිදු දහම් ඇති හෙයින් රුචිරධම්ම නම් වූ,
27’ නිසැක ගුණ ඇති හෙයින් නික්කංඛ නම් වූ,
28’ නුවණින් ලොව එළිය කරනා හෙයින් පභාසකර නම් වූ,
29’ මානය සිඳලූ හෙයින් මානච්ýද නම් වූ,
30’ මහා වීර ගුණ ඇති හෙයින් වීර නම් වූ
භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවකයා වෙමි මම
31’ අසම ගුණ ඇති හෙයින් නිසභ නම් වූ,
32’ පමණ කළ නො හැකි ගුණ ඇති හෙයින් අප්පමෙය්ය නම් වූ,
33’ ගැඹුරු නුවණැති හෙයින් ගම්භීර නම් වූ,
34’ මුනි දහමට පත් වූ හෙයින් මෝනපත්ත නම් වූ,
35’ බිය රහිත ගුණයෙන් යුතු හෙයින් ඛේමංකර නම් වූ,
36’ ලොවෙහි දෙවියන් බඳු හෙයින් දේව නම් වූ,
37’ ධර්මයෙහි පිහිටි හෙයින් ධම්මට්ඨ නම් වූ,
38’ සංවර සිත් ඇති හෙයින් සංවුතත්ත නම් වූ,
39’ කෙලෙස් ඉක්ම ගිය හෙයින් සංඝාතික නම් වූ,
40’ දුකින් නිදහස් වූ හෙයින් මුත්ත නම් වූ
භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවකයා වෙමි මම
41’ මහා ඇත් රජෙකු වැනි හෙයින් නාග නම් වූ,
42’ ඈත වනයේ වසනා හෙයින් පංතසේන නම් වූ,
43’ කෙලෙස් බැඳීම් ගෙවා දැමූ හෙයින් ඛීණසංයෝජන නම් වූ,
44’ කෙලෙසුන්ගෙන් නිදහස් වූ හෙයින් මුත්ත නම් වූ,
45’ නුවණින් යුතු කථාබහ ඇති හෙයින් පටිමංතක නම් වූ,
46’ කෙලෙස් සෝදා හළ හෙයින් ධෝණ නම් වූ,
47’ මානධජ බිම හෙලූ හෙයින් පන්නද්ධජ නම් වූ,
48’ වීතරාගී හෙයින් වීතරාග නම් වූ,
49’ දමනය වූ හෙයින් දමිත නම් වූ,
50’ කෙලෙස් සිතිවිලි රහිත වූ හෙයින් නිප්පපංච නම් වූ
භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවකයා වෙමි මම
51’ සත් බුදුවරුන් අතරේ සත් වැනි මහා ඍෂි වූ හෙයින් ඉසිසත්තම නම් වූ,
52’ කුහක ගති නැති හෙයින් අකුහ නම් වූ,
53’ ත‍්‍රිවිද්‍යාව ලද හෙයින් තේවිජ්ජ නම් වූ,
54’ ශ්‍රේෂ්ඨත්වයට පත් වූ හෙයින් බ‍්‍රහ්මපත්ත නම් වූ,
55’ කෙලෙස් සෝදා හළ හෙයින් නහාතක නම් වූ,
56’ දහම් පද මැනවින් දෙසනා හෙයින් පදක නම් වූ,
57’ සැහැල්ලූ සිත කය ඇති හෙයින් පස්සද්ධ නම් වූ,
58’ දුටු දහම් ඇති හෙයින් විදිතවේද නම් වූ,
59’ හැමට පළමුව ධර්ම දානය බෙදා දුන් හෙයින් පුරින්දද නම් වූ,
60’ සියලූ ගුණයට දක්ෂ හෙයින් සක්ක නම් වූ
භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවකයා වෙමි මම
61’ ආර්ය ගුණ ඇති හෙයින් අරිය නම් වූ,
62’ වඩන ලද සිත් ඇති හෙයින් භාවිතත්ත නම් වූ,
63’ උතුම් ගුණයට සපැමිණි හෙයින් පත්තිපත්ත නම් වූ,
64’ දහම මැනවින් තෝරා දෙන හෙයින් වෙය්යාකරණ නම් වූ,
65’ මනා සිහි නුවණ ඇති හෙයින් සතිමා නම් වූ,
66’ නුවණින් ලොව දක්නා හෙයින් විපස්සී නම් වූ,
67’ රහත් ගුණයෙන් යුතු හෙයින් අනභිනත නම් වූ,
68’ සියලූ නුගුණින් බැහැර වූ හෙයින් අනපණත නම් වූ,
69’ තෘෂ්ණා නැති හෙයින් අනේජ නම් වූ,
70’ වසඟ කළ සිත් ඇති හෙයින් වසිප්පත්ත නම් වූ
භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවකයා වෙමි මම
71’ යහපත් මග වැඩි හෙයින් සම්මග්ගත නම් වූ,
72’ ධ්‍යාන වඩනා හෙයින් ඣායී නම් වූ,
73’ කෙලෙස් හා එක් නො වූ සිත් ඇති හෙයින් අනනුගතන්තර නම් වූ,
74’ පාරිශුද්ධ සිත් ඇති හෙයින් ශුද්ධ නම් වූ,
75’ කෙලෙස් රහිත හෙයින් අසිත නම් වූ,
76’ නැති නො වන ගුණයෙන් හෙයින් අප්පහීණ නම් වූ,
77’ හුදෙකලාවේ ඇලූණු සිත් ඇති හෙයින් පවිවිත්ත නම් වූ,
78’ ලොවෙහි මුදුනට පත් වූ හෙයින් අග්ගපත්ත නම් වූ,
79’ සසරෙන් එතෙරට වැඩි හෙයින් තිණ්ණ නම් වූ,
80’ අනුන් එතෙර කරවන හෙයින් තාරයන්ත නම් වූ
භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවකයා වෙමි මම
81’ ශාන්ත විහරණ ඇති හෙයින් සන්ත නම් වූ,
82’ ගම්භීර ප‍්‍රඥා ඇති හෙයින් භූරිපඤ්ඤ නම් වූ,
83’ මහා ප‍්‍රඥා ඇති හෙයින් මහාපඤ්ඤ නම් වූ,
84’ ලෝභය දුරු වී ඇති හෙයින් වීතලෝභ නම් වූ,
85’ සත්‍යයට පත් වූ හෙයින් තථාගත නම් වූ,
86’ සොඳුරු ගමනක් වැඩි හෙයින් සුගත නම් වූ,
87’ එවැනි වෙන කෙනෙකු නැති හෙයින් අප්පටිපුග්ගල නම් වූ,
88’ සමාන කෙනෙක් නැති හෙයින් අසම නම් වූ,
89’ විශාරද ඤාණ ඇති හෙයින් විසාරද නම් වූ,
90’ සියුම් නුවණැති හෙයින් නිපුණ නම් වූ
භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවකයා වෙමි මම
91’ තණ්හාව සිඳලූ හෙයින් තණ්හච්ýද නම් වූ,
92’ අවබෝධයට පත් වූ හෙයින් බුද්ධ නම් වූ,
93’ කෙලෙස් දුම් බැහැර කළ හෙයින් වීතධූම නම් වූ,
94’ කෙලෙස් හා නො තැවරී සිටිනා හෙයින් අනුපලිත්ත නම් වූ,
95’ පුද පූජාවන්ට සුදුසු හෙයින් ආහුණෙය්ය නම් වූ,
96’ ශ්‍රේෂ්ඨ උතුමෙකු හෙයින් යක්ඛ නම් වූ,
97’ උතුම් පුද්ගලයෙකු හෙයින් උත්තමපුග්ගල නම් වූ,
98’ අසාමාන්‍ය ගුණ ඇති හෙයින් අතුල නම් වූ,
99’ මහා ගුණ ඇති හෙයින් මහා නම් වූ,
100’ මහා යසසට පත් වූ හෙයින් මහතෝයසග්ගපත්ත නම් වූ
භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවකයා වෙමි මම "
පුණ්යානුමෝදනාව...!
අතිපූජ්ය ගුරුදේවොත්තම කිරිබත්ගොඩ ඤාණානන්ද කල්යාණමිත්රයන් වහන්සේ

No comments:
Post a Comment